Monday 29 April 2013

හක්කේ බුදු රැස් බොක්කේ ඌරු මස්



Friday 9 November 2012

වඳ සැත්කමට සඝ අනුමැතිය ඕනද???


තමන්ගේ ආර්ථිකය අනුව පවුල සැලසුම් කිරීම අපේ මුලික මිනිස්
අයිතිවාසිකමක් ඒකට විරුද්ධවෙන්න සංඝයින්ට අයිතියක් නැහැ.
මගේ දරුපවුල සැලසුම් කරන්නේ මට ඕන විදියට මිසක් සංඝයින්ට
උවමනා විදියට නෙවෙයි.මහ ලොකුවට අවිහිංසාවාදය දෙසාබාන
උදවියට ඔය සුළු දෙය තේරුම්ගන්න මොළයක් නැත්ද??
බලන්න සංඝයො දිහා හැම එකාම වල්ඌරු සයිස් අමාත්‍යවරු වගේ
ඇයි මොන දුෂ්කරා තිබුනත් මිනිස්සු මුංට වෙලාවට ගිලින්න දෙනවා
සාමාන්‍ය ජනතාව දිහා බලන්න වැහැරිලා..ආර්ථික ප්‍රශ්න දරුවන්ගේ
ප්‍රශ්ණ  මෙකී නොකී සියළු ප්‍රශ්න, මුංට කිසිම ප්‍රශ්ණයක් නැහැ.
මොවුන් අනුන්ට බලකරනවා දරුවෝ හදන්නලු???
ජාතිය ආගම ගැන ඔතරම්ම කැක්කුමක් තියෙනවනම්..ඇරියා සිවුර
වුණා හීරළුවෙක් බැන්ද කසාදයක් හැදුවා ලොරියකට දරුවන්.....
නොදරුවොත් කැන්දගෙන විරෝධතා ව්‍යාපාර දාන්නේ අඩුම ගණනේ
මුං කිරි පැකට් එකකට හරි උදව් කරනව වගේ...
වැරදිලාවත් රුධිර පීඩනය වැඩිවෙලා අනික් දරු ප්‍රසුතියෙදී එක
අම්මන්ඩියෙක් භරි මළොත් ඒකට වග කියන්න ඕන මේ හාල්පාරු
වෝ ටික.

Monday 8 October 2012

මහා සංඝරත්නය පොඩි ආතල් එකක

Monday 10 September 2012

මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ  ජනකොටසක් නොවේද?


anver manathunge වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී

අද සමහර ආගම්බේධවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යායුතු බවත්ය. මේ නිසා මට වත්මන් ලාංකීය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි.


අරාබි වෙලෙදුන් මෙරට පැමිණි ආකාරය දැක්වෙන සිතුවමක්
අරාබි වෙලෙදුන් මෙරට පැමිණි ආකාරය දැක්වෙන සිතුවමක්
අප කවුරුත් දන්නා පරිදි ලංකාවේ මුස්ලිම් වරුන් ඇති වීමට මුලික ප්‍රභවයන් රැසක් දායක වී ඇත. ඒවා නම් ලංකාවට පැමිණි අරාබි වෙලඳුන්, මලබාර වෙලඳුන් සහ ජාවකයන්ය. මෙයින් අරාබි වෙලඳුන් සමග ලංකාවෙහි තිබුණු සබඳතාවය පුර්ව ඉස්ලාමීය යුගය දක්වා ඈතට විහිදී ඇත. ලංකාවේ රජකළ පන්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂනය කරන අපට ඒ ගැන සාධකයක් හමුවෙයි. එනම් පන්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙලෙඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුල යවන (යොනුන් වාසය කළ) වීදි  පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

ඉතිහාසය මේ කියන දෙය ඇත්තක් නම් ලංකාවට පැමිණි විජය කුමාරයා සහ පිරිස මෙරටට ආ යුග‍යට පෙර හෝ ඊට පසු කාලයේ සිට අරාබි වරුන් මෙරටට පැමිණ මෙරට සමග ගණුදෙනු කරන්නට ඇත.

එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් ‍දේශීය මෙරට කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂන වලින් හෙබි සමාජයක් බිහිවන්නට ඇත. මෙම ‍යෝනක සමාජයේ සිටි සමහර ස්ත්‍රීන් සිංහල රජ වරුන්ගේ ආකර්ශනයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහලොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘතිවු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගණුදෙනු කළේ අද ඊයෙක නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කරගත්තේද අද ඊයෙක නොවන බව පැහැදිලිය. 

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මුතුන් මිත්තන් නව වන ශතවර්ෂයේ දී කායල්පට්නම්හි මුල් ජනාවාස පිහිටුවාගත් අතර ඉන් අවුරුදු ගණනාවකට පසුව 1024 දී ඒ නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer)

තමා සිටි කාලයේ බේරුවල පදිංචිව සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙකු මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩබැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)

කෙසේ වුවද මගේ අදහස නම් ලොව නානාවිධ ස්ථාන වලින් මෙරටට ගොඩ බැසි මුස්ලිම් වෙලඳුන් ලක්දිව කාන්තාවන් සමග විවාහ වී මෙරට මුල් බසින්නට ඇත. එලෙස මෙරට මුල් බැසි ඔවුන් විවිධවු ජනවර්ග වලට අයත් අයවළුන් වුවද සිය දහම ලෙස ඉස්ලාම් බැතිමතුන් වුයෙන් මුස්ලිම් ලෙස හැඳින්වෙන්නට ඇත. මේ අය දහමේ නාමයෙන් එක්ව පසුව මුස්ලිම් නමින් ජනවර්ගයක් ලෙස බිහිව ඇති බවයි. 

Tuesday 4 September 2012

සියලු දෙනාටම ඉල්ලං කන්නට සිදුවෙනු ඇත


යුද්ධය අවසන් වීමෙන් පසු තමිල් නාඩු රජය විටින් විට ශ්‍රීලංකාවට
සද්දෙ දාන්න පටන් ගෙන ඇත.සද්දෙ උත්සන්න වීම නිසා තමිල්
නාඩුවෙහි සංචාරය කිරීමෙන් වලකින ලෙස තම පුරවැසියන්ට අවවාද කිරීමට ශ්‍රීලංකා රජයට සිදුවිය.
ජිනීවා ප්‍රශ්නයෙහිද ඉන්දියාවෙන් කිසිම බකප් එකක්
ශ්‍රීලංකාවට නොලැබුනු අතර බටහිර රටවල්ද බලා සිටින්නේ
ශ්‍රීලංකාවට තොන්ඩුව දමන්න අවස්ථාව උදාවෙනතුරුය.
මෙයට ප්‍රධානතම හේතුව ලොවපුරා විසිර සිටින ඉන්දියානු හා
ශ්‍රීලාංකික ද්‍රවිඩයින්ගේ බලපෑම් බව කවුරුත් දන්නා කරුණකි.
මෙම තත්වය මනාව තේරුම් ගත් ජනාධිපතිවරයා හා රජය මැදපෙරදිග ඇතුලු අනෙකුත් මුස්ලිම් රාජ්‍යයන් සමග සමීප මිත්‍රත්වයක්
ගොඩනගාගෙන ඇත.මන්ද මුස්ලිම් රාජ්‍යයන් කිසිවිටකත් LTTE
සංවිධානයට සහයෝගය නොදැක්වු බැවිනුත් තමනට ඇති එකම
රැකවරණය මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය බැවිනුත්ය.
කෙසේවෙතත් මෙම තත්වය ලංකාවේ වෙසෙන ජාතිවාදී බෞද්ධයන්
සහ ජාතිවාදී සංඝයින් මනාව තේරුම් ගෙන නැති බව ඔවුන්ගේ
මුස්ලිම් විරෝදී ක්‍රියාවන්ගෙන් පිළිඹුබු වෙයි.
මුස්ලිම් වරුන්ට  විරුද්ධව නැග එන ජාතිවාදී රුල්ල රජය විසින්
මර්දනය නොකළහොත් මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගයද ලංකාවට
නොලැබී යනු ඇත.ජාතීවාදී සුළු පිරිසක් නිසා සමස්ත ශ්‍රීලංකාවාසි
සියලු දෙනාටම ඉල්ලං කන්නට සිදුවෙනු ඇත

Monday 20 August 2012

facebook තියෙන්නේ සතුරන් ඇති කරගන්න නෙවෙයි



facebook තියෙන්නේ සතුරන් ඇති කරගන්න නෙවෙයි මිතුරන් ඇති කරගන්න.වඳුරට දැලිපිහිය ලැබුණ වගේ සම-හරක් බෞද්ධ 
ජාතිවාදීන් facebook තුලින් අන්ත පහත් විදියට අන්‍ය ආගමිකයිනට
ගරහනවා.ශෝචනීය තත්වය මේ ගොඩට සංඝයා වහන්සේලාත්
එක්වී සිටීමයි.ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සියලු දෙනා බෞද්ධ විය යුතු
නැහැ.ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බෞද්ධයින් සිටින්නේ 60%ක්
පමණයි.අනිත් 40% අබෞද්ධයින් මෙන්ම ශ්‍රීලංකාව සර්ව ආගමික
බහු වාර්ගික රටක්.මේ තත්වය සංඝයාවහන්සේලා ඇතුලු සියලු
බෞද්ධයින් වටහ ගතයුතුයි.
කරුණාකරල internet උපයෝගී කරගෙන බොරුගොතමින්
අන්‍යආගමිකයින්ට ගරහන එක නවත්වන්න.ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40%(ලක්ෂ 90ක පමණ ජනතාවක්)ද ජිවත්විය යුත්තේ
ශ්‍රී ලංකාවේ මිස පිටරටක නොවේ මන්ද ඔබගේ මෙන්ම ඔවුන්ගේ
මාතෘභූමියද ශ්‍රී ලංකාව වන බැවිනි.ඔබ ඔවුන්ගේ ආගම් වලට 
ගැරහීමෙන් සිදුවන්නේ වෛරයක් ඇතිවීම විනා ඔවුන් ඔබ වෙතට
පැමිණීම නොවේ.
කරුණාකරලා අන්‍ය ආගම් විවේචනය කරන්න පෙර තම අනුගාමිකයින්
නිසි මගට ගන්න උත්සාහ කරන්න.අද ලංකාවේ පුතා මව දුෂණය කරන යුගයක්.පුතා විසින් පියා මරණ යුගයක්.සංඝයාවහන්සේලා දැරිවියන් දුෂණය කරන යුගයක්.බල්ලො බලල්ලු ගානට මිනීමරණ යුගයක්.මෙවා 80%ක් සිදුවන්නේබෞද්ධයින් අතින් හන්දියක් ගානේ Race by සහ තැබෑරුම්.උද්ඝෝෂණ කළයුත්තේ මේවට විරුද්ධව මිස දේවස්ථානවලට විරුද්ධව නොවේ.
තවද මෙහි වසන සුළු ජාතීන් වහලුන් නොවන අතර ඔවුන්
සංඝයාවහන්සේලාට අවනත වියයුතුද නොවේ.සියළු ජාතීන්ට 
අභිමානයෙන් ජීවත්විය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික
කර ඇත.මේ යතාර්ථය වටහගෙන අන්‍ය ආගමිකයිනට ගැරහීම
නවත්වන්න.සියළුදෙනා ශ්‍රීලාංකිකයින් සේ සිතන්න.
මගේ මව උපතින් සිංහළ බෞදධ කාන්තාවක් බැවින් ඇයට
ඇහුම්කන් දි ඔබ සියළු දෙනාට තත්වය වටහා දී ඔබ සියළු දෙනා
ගෙන් ආයචනා කරන්න අදහස් කලෙමි.ඔබ ගේ පාර්ශවයෙන් වැදගත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි

ඉතාමත් පහත් ලෙස ජාතිවාදී අදහස් අන්තර්ජාලය තුල මතුවීම
ආරම්භ වුයේ සිංහළ අක්ෂර අන්තර් ජාලය තුල භාවිතය ආරම්භයත් සමගය.ඊට පෙර අන්තර්ජාලය තුල අදහස් හා විවේචන හුවමාරු වුයේ
බුද්ධිමත් පිරිසක් අතර ඉංග්‍රීසියෙනි.සිංහළ අක්ෂර ජාලයට අවතීර්ණ
වීමත් සමගම ගමේ ගොඩේ නුගත් හැම බයියම අන්තර්ජාලය භාවිතය
ආරම්භයත් සමගම සියළු දේ කණපිට පෙරලුණි ජාලයද ගොඩේ බයියන් මෙන් ජාතිවාදි විය
මින් ඉදිරියටත් ඔබලා අන්‍ය ආගමිකයින්ට ගරහන්නේ නම්
මගේ ප්‍රතිචාරය ඔබගේ දහම හා ඔබගේ වක්තෘවරයා කෙරෙහි
මිටත් වඩා දරුණු විය හැක.


ස්තුතියි

Friday 3 August 2012

මේ අපතයින්ට තියෙන අධෝ මුඛයේ රුදාව එයයි


අමෙරිකාව බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර බලවතුන් මානව හිමිකම්
කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකාවට තොන්ඩුව දාන්න මාන බැලු අවස්ථාවේ ඉන්දියාවද ඉවත බලාගත්තේ හිත්පිත් නැතිවය ශ්‍රී ලංකාවට පොඩි බකප්
එකක් දුන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ හම්බයෝ set එක පමණි.
එය දැන් ජාතිවාදී හතර කේන්දරේ පාළු වුණ අපත සංඝයන්ට හා අනෙකුත් ජාතිවාදී හාල්පාරැවන්ටත් අමතකය

එම නිසයි හතර කේන්දරේ පාළු වුණ අපත සංඝයන් දැන් අහිංසක
මුස්ලිම් වරුන්ට  ඔවුන්ගේ ආගමික ස්ථාන වසා දමන්න කියලා, දරුවන් කුර්ආනය ඉගෙනගන්නා මද්රසා වහන්න කියලා පාට් දාන්නේ.මේක තමයි අළුත්ම ප්‍රවනතාව
බෞද්ධයින් දවසින් දවස බුදු දහමෙන් ඉවත් වි අනෙකුත් ධර්මයන්
කරා ආකර්ෂනය වෙනවා 1982 දී 74%ක් වු බෞද්ධයින් ගේ
ප්‍රථිශතය වර්තමානයේ 61% දක්වා අඩු වෙලා.මේ අපතයින්ට තියෙන අධෝ මුඛයේ රුදාව එයයි.

මුස්ලිම් පල්ලි වහන්න කිව්වට මද්රසා වහන්න කිව්වට බුදු පිළිමවලින්
නම් අඩුවක් නැහැ.හන්දියක් හන්දියක් ගානේ round about එකක්
ගානේ පිළිම ඉදිවෙලා. කටුනායක ගුවන් තොටුපලෙත් බුවා ලැගලා
ඉන්නවා.තමන් අදහන වක්තෘවරයගේ පිළිමයක් ඇති එකම ගුවන්
තොටුපළ කටුනායක පමණයි.අනිත් රටවල් වල මිනිස්සුන්ට මෙච්චරම
මොලේ කොළොප්පම් නැහැ.
මේ සියල්ල කරන්නේ මේක බෞද්ධ රටක් කියලා ලෝකයට 
පෙන්නන්න.බෞද්ධ කම තියෙන්න ඕන ක්‍රියාවෙන් මිස පිළිමවල
නෙවෙයි.බුදුන් කියල නැහැ තමන්ට පිළිම ඉදිකරන්න කියලා
පිළිමයකට කරන්න පුළුවන් කෙහෙල්මලක් නැහැ.
නමුත් සාමුහික වන්දනයකට මුස්ලිම් වරුන්ට මස්ජිද අවශ්‍යයි.
සිකුරාදට මස්ජිද වල ඉඩ මදියි යාඥා කරන්නේ පාරේ.මෙයයි සත්‍ය
තත්වය.පිළිම ඉදිකරලා සත්‍යය වසන්කරන්න බැහැ.මසකට වරක් පුර
පසලොස්වක පෝයට 50ක් එකතු කරගන්න බෞද්ධයෝ අසමත්.
මොවුන්ට තියෙන්නේ ඊර්ෂ්‍යාව මුසු වේදනාව

එයයි මොවුන් දවසින් දවස නොයෙකුත් අඩත්තේට්ටම් හිරිහැර 
මුස්ලිම් වරුන්ට කරන්නේ. රජය පැත්තෙන් සහනයක් පැතුවද ඔවුන්
මුණිවත රකිනවා දේශපාලන වාසි උදෙසා.

LTTE ප්‍රශ්නය හමුවේ ලාංකීය මුස්ලිම්වරු 100%ක්ම රජයට 
සහයෝගය දැක්වු බව කවුරුත් දන්නා කරුණකි.ඒ තමන් ශ්‍රී ලාංකිකයන් යන හැගීම තිබු නිසාවෙනි.එහෙත් අන්ත හා ජාතිවාදී හොරිකඩ
සංඝයින් දිගින් දිගටම මුස්ලිම් වරුන්ට අඩත්තේට්ටම් කරයි නම්
මොවුන් ඉදිරියේ රජය මුනිවත රකියි නම්...විකල්පය ද්‍රවිඩ ජනතාව
හා එක්ව බෞද්ධයින්ට විරුද්ධව අන්තර්ජාතිකව "ජාතිවාදීන්" යන
මතය ගොඩ නැගීමයි

මේ අසික්කිත ජාතිවාදී බලවේග පිටුපස සිටින්නේ බොදු බඩු සේනා
නම් අපත සංඝ සංවිධානයත් ජාතික හෙළ ඌරන්වු ජාතිවාදී 
දේශපාලූවනුත්ය.
මොවුන්ට විරුද්ධ ව නැගීසිට අපගේ අයිතීන් රැක ගැනීමට කාළය එළඹ ඇත.සියළු මුස්ලිම් හා මුස්ලිම් නොවන රාජ්‍යයන් දැනුවත් කරමු
මේ සක්කිලියන්ට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි
කරමු.ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය දෙන ලෙස විදේශීය රටවලට
බලකර සිටිමු.
අපත සංඝයින්ට කරන්නට job එකක් නැත රකින්න පරපුරක් නැත
අනුන්ගෙන් පිනට යැපෙන මේ බල්ලන්ගේ එකම job එක 
ජාතිවාදය ඇවිස්සීම පමණකි

Monday 30 July 2012

අහිංසක ආරධානාවක් ත්‍රස්වාදයට හැරවීම

මෙය තුප්පහි බෞද්ධ ජාතිවාදී Internet පාලුවන්ගේ තවත් තුප්පහි  වැඩක්.

මහරගම Gaffooriyya අරාබි විදුහල මගින් සංවිධානය කරනු ලැබු
රාමසාන් උපවාස කඳවුරේ ආරාධනා පත photo shop මගින්  විකෘති කොට ජිහාද් කඳවුරක් ලෙස හුවා දක්වා ඉතාමත් පහත් ලෙස ජාතිවාදය
ඇතිකිරීමට උත්සාහ ගැනිමක්.සාදක ඇතිව ඉදිරිපත් කරමි.
මෙය මොවුන්ට මෑතක දි වැලදී ඇති ඉතාමත් භයංකර උමතුවකි .

බොදු බඩු සේනා නම් තුප්පහි සංඝ සංවිධානයත් ජාතික හෙළ 
ඌරන් වු අන්තවාදි දේශපාළුවනුත් මේ අපතයන්ට අනුග්‍රහය දක්වතී.
මුස්ලිම් ජාතිකයින් රාමසාන් වන්දනයට (තරාවීහ්) ඒකරාශී වුවත් එයත් 
මුංට ජිහාද්ය. දරුවන් ඉරිදට අහදියා දහම් පාසැල් ගියත් ඒවත්
ජිහාද් පුහුණු කඳවුරය කුර්ආනය උගැනීමට මද්රසා ගියත් ඒවත්
ජිහාද් පුහුණු කඳවුරය. සිකුරාදා  ජුම්මා වන්දනයත් ජිහාද් පුහුණු කඳවුරය හැම හු**ම මුංට ජිහාද්ය.මුංට ඇති ලොකුම ප්‍රශ්නය දිනෙන් දින ඉස්ලාම් දහම ප්‍රසාරණය වීමත් බුදු දහම දිනෙන් දින සංකෝචනය වීමත්ය.

මුං "ජිහාද්" වචනය උපයෝගී කරන්නේ සාමයට ලැඳි සිංහළ බෞද්ධයින්
කුපිත කර එමගින් මුස්ලිම් වරුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකමක් වු තමන් කැමැති දහමක් ඇදහීමේ අයිතිය විනාශ කොට එමගින් විශාල විනාශයක් මේරටට උරුම කරදිමට බව පැහැදිලිය.මේ ජාතිවාදී හාල්පාරුවන් ජාතිවාදය ඇවිස්සීමට තැත්කළ මුල් අවස්ථාව මෙය නොවේ


පොන්න වැඩ නොකර පල ඇති දෙයක් තම දේශය හා දහම 
වෙනුවෙන් කරන මෙන් මේ පොන්නයින් ගෙන් ඉල්ලා සිටිමි

Tuesday 17 July 2012

පෝලිමට හිටවලා තට්ටෙ තාර ගානවා


"අනවශ්‍ය ප්‍රශ්න ඇතිකළොත් ගෝල්ෆේස් එකේ පෝලිමට හිටවලා
තට්ටෙ තාර ගානවා" සංඝෙලට මෙහෙම කිව්වේ හිටපු අග්‍රාමාත්‍ය
ජෝන් කොතලාවල.මුං කරන වැඩවලට තට්ටෙ විතරක් නෙවෙයි
ඇට දෙකෙත් තාර ගාන්න ඕන.
තුංගසිරි අල්ලගෙන පච ලොරියක් විතර ගොතලා ආගම් භේද 
අවුස්සලා රට ගිනි තියන්න බොදු බල සේනා කියන පොන්න සංඝ සංවිධානය නීච උත්සාහයක යෙදුනා.විදේශ සේවා කාර්යාංශයට
පින් සිදුවන්න සත්‍යය රටට හෙලිවුනා.තුංගසිරි අත් අඩංගුවට ගනු ලැබුවේ බුදුන් වැන්ද නිසා නොව ගැහැණු හුටපටයකට බව..
පිනට ගිලින මේ සංඝයෝ එදත් අදත් හෙටත් කරන්නෙ රට විනාශ මුඛය කරා රැගෙන යන එක
මට මතකයි 1989 JR ජයවර්ධන හා රජීව් ගාන්ධි ඉන්දු ලංකා
ගිවිසිම අත්සන් කළ දිනය.....
සංඝයෝ සහ සිරිමාවෝ ඇතුලු විපක්ෂය මුළු රටම විනාශ කළා
මහජන දේපල සියල්ල,සමුපකාර දුම්රිය ස්ථාන බස්නැවතුම් පලවල් කච්චේරි තැපැල් කාර්යාල දුම්රිය බස්රථ සියළු මහජන දේපල
මේ සංඝෙලා විසින් විනාශ කරනු ලැබුවා.
JR රට ඉන්දියාවට පාවා දුන්නා.සංඝෙල සහ විපක්ෂය JRට 
එල්ල කල චෝදනාව එයයි.
ඇත්තටම මේ මෝඩ හතර කේන්දරේ පාලු වුන අපත සංඝ සෙට්
එක දැන ගෙන හිටියෙ නැහැ ඉන්දු ලංකා ගිවිසුමේ වාක්‍යයක
තේරුමවත්.මුං කළේ බල ලෝභීන්ට ඉත්තන් වීම පමණයි.
මුං සිරිමාවෝ ගේ ලණු කාලා මුළු රටම ගිනිබත් කළා.සංඝයෝ
හැසිරුනෙ වනාතෙ IRC කාරයෝ වගේ.මගේ සීයා එදා තීරණය
කලා ගමේ පන්සලට යවන දාන වේල නවත්වන්න.ඔහුගේ හත්
දවසේ තුන් මාසේ දානෙට කිව්වෙ ගිහි පිරිත්.....

ජෝන් කොතලාවල කිව්ව වගේ මුංව ගෝල්ෆේස් එකේ පෝලිමට හිටවලා තට්ටෙ විතරක් නෙවෙයි ඇට දෙකෙත් තාර ගාන්න ඕන.

Saturday 7 July 2012

මුසලයාගේ ප්‍රවිශ්ඨය මේ තුප්පහි ජාති වාදයට විරුද්ධව


ශ්‍රී ලංකාවේ සමහර සිංහළ බෞද්ධයින්ට තියෙන්නේ පුදුම උණක්.
හැමෝම නෙවෙයි, සාමයෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න කැමැති
බොහෝමයක් බෞද්ධයින් ඉන්නවා.සම-හරක් මේ ගොල්ලන්ට
ළඟකදී ඉඳලා හැදිලා තියෙනවා ජාත්‍යාලයේ උණ.
තම්බි එළවන්න ඕන.... ඕක තමයි ජාත්‍යාලයේ උණසන්නිපාතය
හැදුනු එවුන්ගේ එකම හඬ.දැන් ඔය මිලියන දෙකක් පමණ තම්බියන්ට
කොහාටද උඹලා යන්න කියන්නේ?????
යකෝ ගොන් ටෝක් දාන්න එපා ක්‍රි.වර්ෂ නවසිය ගනන් වල ඉඳලා
තම්බ් දෙමළු ජිවත් වෙනවා ලංකාවේ ඒ අයිතිය නැතිකරන්න එකෙකු
ටවත් බැහැ.ඔය හැම එකාගෙම මව් රට ලංකාව.ලාංකික වු පළියට
හැම එකාම බෞද්ධ විය යුතුද? මගේ මව ඉපදෙන විට බෞද්ධ
දැන් ඉස්ලාම් මොකක්ද ඒකෙ ඇති වරද? තමනට කැමැති ආගමක්
ඇදහීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා

මුසලයාගේ ප්‍රවිශ්ඨය මේ තුප්පහි ජාති වාදයට විරුද්ධව
මම ජීවත් වෙන රටේ මිනිස්සු ඉතාමත් සමගියෙන් ජිවත් වෙනවා
ආගම්බේද ජාතිබේද වර්ණබේද නැහැ.සේවා ස්ථානයෙත් පිටදිත්
හැසිරෙන්නෙ නියම මිත්‍රයින් ලෙස.අමෙරිකාවේ කැනඩාවේ එංගලන්ත
යේ ප්‍රංශයේ ප්‍රධාන නගරවල  වෙළෙඳ ආයතන බොහෝමයක
සුරූපි මුස්ලිම් ළඳුන් අබායා හෝ හිසට ස්කාෆ් හැඳ සේවයෙහි යෙදීම ඉතාම සුළබ දසුනක්. ඒ රටවල මිනිස්සුන්ට බේද ගැන කතා කරන්න වෙලාවක් නැහැ.අනෙක ඒ මිනිස්සු තමන් අදහන දහම කර උඩතියාගෙන දගලන්නේ නැහැ ඇමරිකාවේ සමහර ක්‍රිස්තියානි පල්ලි සිකුරාදා ජුම්මා
 වන්දනය සඳහා යොදාගන්නවා.එංගලන්තයේ බොහොමයක ආයතන වල නැමඳුම් සඳහා කාමරයක් වෙන්කර තිබෙනවා
උදාහරණයක් ලෙස ජාතික තැපැල් සේවාව.(THE ROYAL MAIL)
ඒ රටවල් වල ජාති ආගම් වර්ණ භේදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා...(discrimination)
ඇයි මේ වගේ ලංකාවේ ඉන්න බෞද්ධයින් ටත් හිතන්න බැරි?ඇයි
නිතරම හම්බයෝ දෙමළු කුරුස කාරයෝ කියලා සුළු ජාතීන්ට
කෙනෙහිලිකම් කරන්නේ.ඇයි සිංහළ බෞද්ධයෝ ජනිත වුනේ අනිත්
ජාතීන් ජනිත වුනු තැනෙන් නෙවෙයිද? අලියගේ අධෝ මුඛයෙන්ද කියල අහනවනනේ...ඒවගේ තැනකින්වත්ද?

1989 හා 1990 ජවිපෙ භීෂණය මුදා හැරිය කාලේ සංඝෙලා ඝාතනය කරනකොට ඔය ජාතිවාදී පොන්න රැළ කොහෙද හිටයේ?
මංගල සමරවීර සංඝයින්ට අපහාස කරන කොට තොපි කොහේද හිටියේ?

බෞද්ධ ජාතිවාදි කොටස් INTERNET එක හරහා හම්බයෝ කිය
කිය අපට අභූත චෝදනා නගන කොට අපිට අපහාස කරනවිට නැට්ට පුකේ ගහගෙන හැංගෙන්න අපි සුදානම් නැහැ.එහෙමත් හිටිය කාළයක් තිබුණා ඒ තම්බි දැන් නැහැ දැන් ඉන්නේ අළුත් බුද්ධිමත් පරපුරක්.
ජාති වාදී BLOG කාරයෝ හීනෙකින් වත් නොහිතපු විදියට හම්බයෝ
පෙරලා ගේම දෙනවා
IRC සංඝයෝ ගැන කියන කොට, දැරිවියන් දුෂනය කරලා හිරබත්
කන සංඝයා ගැන කියන කොට. ජාති වාදී BLOG කාරයෝ ඉන්නෙ
නැට්ට අධෝමුඛයේ හිරකරගෙන.අළුත්ම ටෙලි නාට්‍යය තමයි මුස්ලිම්
තරුණයෝ බුදු දහම වැලඳ ගැනිම ඒකත් අතේ කෝට් (Caught)
උඹලා හිතුවද මුස්ලිම් කොල්ලන්ට මොලේ කොලොප්පං කියලා?
බුදු දහම වැළඳ ගන්න..අනේ යකෝ ගිලෙන නැව් වලට කව්ද 
යකෝ ගොඩවෙන්නේ?
ජාති වාදී BLOG කාරයෝ මොකද මෙතරම් හම්බයින්ට බය?
ඔය ජාති වාදී BLOG කාරයින්ට මම එකක් කියන්නම් මතක තියාගනිල්ලා....
උඹලට අඩියක් පනින්න පුළුවන්නම් අපිට මීටරයක් පනින්න පුළුවන්
උඹලගේ ජාතිවාදි ආකල්ප වලින් මිදිලා අන්‍යාගමිකයින්ට ගරහන එක නවත්වන තුරැ මුසලායාගේ ක්‍රියාකාරිත්වයද ඉංග්‍රීසි හා සිංහළ භාෂා දෙකෙන්ම සක්‍රීයව පවතිනු ඇත. ඉංග්‍රීසි බසෙන් නිර්මානය වු ලිපි
සහ වීඩියෝ clips යායුතු නිසි ස්ථානවලට ලඟා වෙනු ඇත. එතුලින් සිංහළ බෞද්ධයාගේ අවිහිංසාවේ තරම ලොවට හෙලිකරන්නට මුසලයා පසුබට වන්නේ නැත.


youtube/muusalaya

Wednesday 4 July 2012

Mr GAY CLARK


ආතර් ගේ ක්ලාක් බුදු දහම ගැන කතාකිරීම විහිලුවක් මන්ද ඔහුසමලිංගික හැසිරීම් පිළිබඳව චෝදනා ලැබුවෙක්
.ඔහු පිරිසිදු චරිතයකින් හෙබි පුද්ගලයෙකු නම් දර්ශනයක් පිළිබඳව අනාවැකි කීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් ඇත.
2050 වන විට ලෝකයේ සමලිංගිකයින් අධික වනු ඇතැයි ඔහු අනුමාන කරනවා විය හැක එහි වරදක් නැත මන්ද ශුද්ධ වු අල්කුර්ආනයද පැහැදලිව සඳහන් කරන්නේ ලෝක විනාශය කෙමෙන් ලංවෙත්ම දුශ්ශිලයින්ගේ සංඛ්‍යාවද අධික වෙන බවයි.
ඉස්ලාම් දහම මිනිසාගේ යහමග උදෙසා දෙවියන් විසින් පහළ කරන
ලද දහමක් මිස බිරිඳ හා දරුවා එපා වී කැළෑ වැදුණු සාමාන්‍ය මිනි
සෙකු කළ කී දෑ නොවේ
ආතර් ගේ ක්ලාක් බුදු දහම වැළඳ ගත්තේ ඔහුට රිසී සේ කොලු
ක්‍රීඞාවේ යෙදීමට අවකාශ ලැබී ඇති නිසා වියහැක
බුදු දහමේ නීති රීති අනපනත් නැත ඉස්ලාම් දහමේ මෙන් නොව
තමාට රිසි සේ හැසිරිය හැක අවසාන දිනයේදි දෙවියන් දඞුවමට
මා ලක්වේයැයි බිය විය යුතු නැත.ආතර් ගේ ක්ලාක් මෙන් කෝටි
සංබ්‍යාත අපතයින් ඉස්ලාම් පිළිකුල් කරන්නේ ඒ හේතුවෙනි
IN islam ohhhh toomuch restrictions...
ඉස්ලාම් දහමට ඔවුන්ගේ ප්‍රතිචාර්ය එයයි.ඇත්තෙන්ම සත්‍යයද එයයි
අල්ලාහ් සුබහාන වු තආලා මේ ලොව මවා ඇත. දුක සැප ප්‍රශ්න
මවා ඇත.කළ යුතු ක්‍රියාවන් හා නොකළයුතු (හරාම්) ක්‍රියාවන්
අල් කුර්ආනය තුලින් පැහැඳිලිව දේශනා කර ඇත.
ඔබ හා මා නොමග යැවීම සඳහා සාතන් (ෂෙයිතාන්)ද මවා ඇති
අතර මමත් නුඹත් සියලු දෙනා අල්ලාහ් සුබහානවු තආලාගේ
පරීක්ෂාවට භාජනය වෙමින් සිටින්නෙමු.
ආතර් ගේ ක්ලාක්ව සාතන් විසින් ඩැහ ගෙන ඇත.මා ඔහුට අනුකම්පා කරමි.මෙලොවට ඔහු මහාචාර්ය වරයෙකු වීමට පුළුවන එහෙත් අවසාන දිනයේදි අල්ලාහ්ඉදිරියේ  මමත් නුඹත් ආතරුත් හඞා වැලපී සමාව යදින යාචකයින් පමණි.

Friday 22 June 2012


මේ 100% සිංහළ බෞද්ධයෙක්
(හම්බයෙක් හෝ දෙමළෙක් නොවේ)

Sunday 17 June 2012


මුං සංඝයොද? IRC කාරයො ද?
ඛුදුන් දෙසූ මග මෙයද?

මේ IRC කාරයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත්ද?

හතර කේන්දරේ පාලු වෙච්චි එකා මහණ කරවන බව ගැමියන් ගේ
පිළිගැනීමයි.මෑතකදී හතර කේන්දරේ පාලු වෙච්චි එවුන්ගේ ක්‍රියා
කලාපයන් දෙස බැලුවම එය සත්‍යයක් යැයි පසක් වේ.
දඹුල්ල සිද්ධියේදී ගොනාමලුවේ චුමංගල හා අනෙකුත් කේන්දරේ පාලුවෙච්චි අපතයින් හැසිරැනු ආකාරය දෙස බලන කලත් මෑතකදී අධි
වේගී මාර්ග පිවිසුමේ දී තවත් එවැනිම පොන්න අපතයින් හැසිරුනු ආකාරයනුත් එයට කදිම නිදසුන්ය
මෙවැනි තඹ සතයක අධ්‍යාපනයක් නැති අපතයිනට ගරුබුහුමන්
දක්වන්නේ මන්දයැයි ප්‍රහේලිකාවකි
පුජ්‍ය පක්ෂය වු පළියට නීතිය අතට ගැනීමේ අයිතියක් මොවුන්ට
නැත.කොටින්ම එංගලන්තය ඇමරිකාව හා අනෙකත් යුරෝපීය රටවල මහජන ප්‍රවාහන සේවාවල පුජ්‍ය පක්ෂය සඳහා වෙනම ආසන 
වෙන්කර නැත. පුජ්‍ය පක්ෂයට හා සාමාන්‍ය ජනතාවට බෙදන්නේ එකම හැන්දෙන් මිස හැඳි දෙකකින් නොවේ
 මේ තත්වය ශ්‍රී ලංකාව තුලද වහාම ඇතිකල යුතුය මොකා වැරුදි
කලත් බෙල්ලෙන් අල්ලා ඇතුලට තල්ලු කිරීමේ අයිතිය පොලීසියට
තිබිය යුතුය. නැතිනම් හතර කේන්දරේ පාලු වෙච්චි අපතයින් මීටත්
වඩා පිස්සු කෙළිනු ඇත. කෙසේ වෙතත්  හතර කේන්දරේ පාලු වෙච්චි අපතයින් ගෙන් වැදගත් හැසිරීම් බලාපොරොත්තු විය නොහැක

Thursday 10 May 2012

සංඝෙ දන්න කෙහෙල්මල
අපෙ හාමුදුරුවනේ නොදන්න දෙයක් තියෙනවනම් දන්න එකෙකුගෙන් 
අහලා දැනගන්න තවද රටේ ජනාධිපතිවරයා පත්ව ඇත්තේ ගමේ
 පන්සලෙන් නොව රටේ බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු වැනි සෑම ජන 
කොටසකගේම ජන්දෙන් බවත් ඔහුට බෞද්ධයින් පමණක් තෘප්තිමත් කළ නොහැකි බවත් තරයේ මතක තබාගන්න

Sunday 6 May 2012


දඹුල්ලේ පන්සල්  පල්ලි අලකලංචියේ
ඇත්ත කතාව කියවමු 

දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය වූ කලී පසු ගිය සති දෙක තුන තුළ අපේ රටේ ජනමාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්‌වූ මාතෘකාව බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. ජනමාධ්‍ය තුළින් අපේ අවධානයට පළමුව යොමු වූයේ ඓතිහාසික   රංගිරි දඹුලු ලෙන් විහාරය සහිත දඹුලු පුද බිමේ ඊට අයත් ඉඩමක දඹුලු   විහාරය ඉදිරිපිටම මුස්‌ලිම් පල්ලියක්‌ හොර රහසේ ඉදිකොට ඇති බවට කී ආරංචියකටය.
බැලු බැල්මටම ආරංචිය බරපතළය. ආගමට දහමට ආදරය කරන සිංහල බෞද්ධ සෑම සියලු කෙනෙක්‌ම කුපිත කරවන සුළුය. මේ මුස්‌ලිම් පල්ලියට විරෝධය පාන්නට ලංකාවාසී බෞද්ධ ජනතාවම පෙළගස්‌වන සුළු තරමටම පුවත ප්‍රබලය. 

කෙසේ හෝ සිංහල බෞද්ධ පිරිස්‌ තරමක්‌ රත්වී ගිහි පැවිදි විශාල පිරිසක්‌ වී දඹුලු විහාරාධිකාරිගේ පැත්ත ගෙන එකම එක පෙළට සිටගත්හ. මුස්‌ලිම් විරෝධී දඹුලු සටන ආරම්භ වූයේ ඒ අනුවය. දඹුලු විහාරාධිකාරිගේ අනුග්‍රහය හා නායකත්වය නොඅඩුව ලත් මේ බලවේගය පසුගිය 20 වැනිදා සිකුරාදා මෙම මුස්‌ලිම් පල්ලිය යෑයි හඳුන්වන ටකරන් ගොඩනැඟිල්ලට කඩා වදින්නේත්ඊට විරෝධය පළකර වහාම මෙය ගලවා ඉවත් කර ගන්නා ලෙස බල කරන්නේත් බුද්ධියට නොව හැගීම්වලට පමණක්‌ මුල් තැනදී බව මැදිහත්ව ප්‍රශ්නය දෙස බලන ඕනෑම අයෙකුට පැහැදිලිය. 
දඹුලු විහාරාධිකාරිගේ මඟපෙන්වීම හා අනුග්‍රහය පිට මීට පෙර අපේ සිංහල බෞද්ධ බලවේග දඹුල්ලට ගොස්‌ හැඟීම්වලට මුල්තැන දී ආවේගශීලිව ක්‍රියාකළ අවස්‌ථා කිහිපයක්‌ මා මතකයට නැඟෙයි. ඒ අවස්‌ථාවන් කිහිපයකට මා ද සහභාගි වූයේ එවකට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු හැටියටය. ඉන් එක්‌ අවස්‌ථාවකි "කණ්‌ඩලම හෝටලය" නමින් සංචාරක හෝටලයක්‌ කණ්‌ඩලම වැව ඉස්‌මත්තේ ඉදිකරන්නට පටන් ගැනීම. එදා අපිව කණ්‌ඩලම හෝටලයට විරෝධය පාන්නට මෙහෙයවමින් (කඩේ යවමින්) පාලනාධිකාරිය කීවේ හෝටලය සාදා පළමු සංචාරකයා ඊට ඇතුළුවන අවස්‌ථාවේම තමන් හෝටලය ඉදිරිපිට ගිනි තබා ගන්නා බවය.

එහෙත් සිරුරට ගිනි තබාගත් කෙනෙකු නැත. හෝටලය ඉදිව ඇත. ඒ පිළිබඳව කිසිවකුගේ විරෝධයක්‌ ද නැත. 
ඔය ආකාරයේම තවත් විරෝධයක්‌ දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය ඉදිකරන අවස්‌ථාවේද පැන නැගුණු බව අපට මතකය. විරෝධය ආවේ පන්සලට අයත් ඉඩමක පිට්‌ටනිය තනනවාට පමණක්‌ නොව දඹුල්ලට ඉන් පැමිණෙන ක්‍රිකට්‌ සංස්‌කෘතියෙනුත් ඊට වහ වැටී ඇදි එන ක්‍රිකට්‌ ලෝලී සංචාරකයන් ගෙනුත් දඹුල්ලේ චිරාත් කාලයක්‌ සුරැකිව තිබූ සිංහල බෞද්ධ ගැමි සිංහල සංස්‌කෘතික උරුමය විනාශ වී යනවාය යන මතවාදය ඔස්‌සේය. එහෙත් ක්‍රිකට්‌ පිටියද අද ඉදිවී ඇත. විරෝධයක්‌ කිසිත් අද නැත. ඒ වෙනුවට දඹුලු ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයද දඹුලු උරුමයට හරස්‌ වූ බවක්‌ කියනු නොඇසුණි. එදා විරෝධය පාන්නට දත කට මැදගෙන දඹුලු ගිය අපි නිකම්ම සවුත්තු වීමු.
මේ අයුරින් දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය පිළිබඳ මා අනාගත වාක්‍ය කියන්න යන්නේ නැත. කාටත් හොරෙන්වැඩි ප්‍රසිද්ධියක්‌ නැතිව බොහොම නිවී හැනහිල්ලේ පවත්වාගෙන ගිය දඹුල්ල දුප්පත් පල්ලියේ අනාගතය කෙබඳු වනු ඇත්දැයි චිත්‍රයක්‌ දැනටමත් ඔබ සිතේ ඇඳ ඇතිවාට සැකයක්‌ නැත. 

අතීත කතා අමතක කර අපි වර්තමානය දෙස එබී බලමු. මම පසුගිය සති අන්තයේ කාටත් නොකියා අප්‍රසිද්ධියේ දඹුල්ලට ගියේ තව මේ කතාවල ඇත්ත නැත්ත බලාගෙන සිද්ධියේ නියම විස්‌තරය විමසා බලන්නටය. එහිදී මම පළමුව වෙහෙසුණේ පන්සල් පල්ලි කතාන්දරවල අතීතය හාරා අවුස්‌සා බලන්නටය. 

රංගිරි දඹුලු රජමහා විහාරය කියා මේ රටේ සියලුම දෙනා හඳුනන්නේ දැනට අපි දඹුලු ගිය විට වන්දනාමාන කරන මහ පන්සලය. එහෙත් එතන එක විහාරයක්‌ නොවසංඝ පරපුරවල් කිහිපයකට අයත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ වාසය කරන විහාරාරාම හතරක්‌ ඇති බව මා දැන ගත්තේ පසුගිය සති අන්තයේය. ඒ පන්සල් 4 ම යෝධ දඹුලුගල වටේ තැනින් තැන ස්‌ථානගත වී ඇති අයුරු ඔබට වටහාගත හැක.

දඹුලු මහ විහාරය මුලින්ම ස්‌ථානගත වී ඇත්තේ වළගම්බා රජ දවස දඹුලු ගල මුදුනේ ඇති මහා ලෙන් රාජයා තුළය.

වළගම්බා රජ යුද්ධයකින් පැරදී තැන තැන යමින් සැඟවෙන්නට තැනක්‌ සොයනා විට මේ ලෙන පෙන්වා ඇත්තේ අසල මූකලානයේ විසූ තිසා නම්වූ වැද්දෙකු බව ඉතිහාසය කියයි. වළගම්බා රජු විශ්මිත සැතපෙන පිළිමයක්‌ද සහිතව රංගිරි දඹුලු රජමහ විහාරය ඉදිකළේ පසු කලෙකය. 

ඒ සමගම රජු හරි අපූරු රාජකාරී පැවරීම් කීපයක්‌ද කරනු ලැබීය. මුලින්ම රංගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාරත්වය ජයමංගල සුමන නම් ලේනවල සඟ පරපුරට අයත් මහ තෙර නමකට පවරනු ලැබීය. උන්වහන්සේගේ ගෝලබාල පරපුරවල මහ සඟරුවනේ භාරකාරත්වයෙන් බොහෝ කාලයක්‌ දඹුලු විහාරය ආරක්‌ෂා වී ඇත්තේද ලේනවල සඟ පරපුරට අයත් පන්සලක්‌ ලෙසටය. 

ඒ සමගම දඹුලු ගලත් ඒ අවට ඉඩකඩම් සියල්ලත් අයිතිවන ලෙස රජු අක්‌කර6000 ක්‌ පන්සලට පවරා දෙනු ලැබුවේය. තවත් අක්‌කර 12,000 ක්‌ පන්සලේ සේවාවන් කරන අවට ගම්වල පරම්පරාවලට පවරා දෙනු ලැබුවේ මහ අමුතුම අමුතු ක්‍රමයකටය ගල මත ඇති විශ්මිත සැතපෙන පිළිමය ළඟ සිට රජු ලෝකඩ තම්මැට්‌ටමක්‌ වාදනය කරවා ඒ ශබ්දය ඇසෙන මායිමේ ඇති සියලුම ගම් පන්සලට යටත් කර එම ගම්වල නායකයන් කැඳවනු ලැබුවේය. ගම් 12 ක නායකයෝ පැමිණ සිටියහ. රජු සැතපෙන පිළිමයේ අංග කොටස්‌ 12 කට බෙදා වෙන්කර ඒ එක අවයවයට ආවතේව කිරීම ඒ ඒ ගම්වලට නියම කළේය.

නාසය ප්‍රදේශයේ තේවාව පැවරුණේ නාසාකුඹුර ගමටය. කන් දෙක ප්‍රදේශයේ තේවාව දෙකණ්‌ඩලමට හිමිවිය. බෙල්ල බෙලිගමුවටය. වැලමිට වැලිමිටියාවටය. උදර ප්‍රදේශය බඩගොටුව ගමටය. ඒ අයුරින් දෙපා දෝවනය ආදී රාජකාරි හිමි වූයේ දඹුළු ගල පාමුල ම ඇති පාදෙණිය ප්‍රදේශයේ ගම්මුන්ටය. අද වන විට මෙම මුස්‌ලිම් පල්ලි ප්‍රශ්නය නිර්මාණය වී ඇත්තේ පාදෙනිය ගම මූලික කරගෙන වීම විශේෂත්වයයි.

මුලින්ම වළගම්බා රජු දඹුලු විහාරයේ රාජකාරිය හා භාරකාරත්වය පවරා දුන්නේ ලේනවල පරපුරට වුවද පසුකාලීනව විටින් විට පොතුහැර පරපුරේ මහා සංඝයාටදඊටත් පසුව නිකවැව පරපුරේÊමහ සඟරුවනට ද අයිතිය මාරුවී ගොස්‌ ඇති බව පෙනේ. එය ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ පුරා විහිදී යන වෙනමම කතාවකි. එය කීමට මෙය වෙලාව නොවන බව සිතමි.

කෙසේ වෙතත් දඹුලු විහාරයේ මුල් අයිතිය හිමි ලේනවල පරපුර අද දඹුල්ලේ කිසි තැනක දක්‌නට නැත. අද ඇත්තේ ඉන්පසුව බලයට ආ පොතුහැර පරපුරටත් මේ දෙකටම ආගන්තුකව පසුව පැමිණ ලේනවල පරපුරේ අයිතිය භුක්‌ති විඳින නිකවැව පරපුරටත් අයිති පන්සල්ය. සිරි වළගම්බා පිරිවෙන හෙවත් මැද පන්සලත් ඊට යාබදව ඇති රන්ගිරි පායත් පොතුහැර පරපුරට අයත් පන්සල්ය. වර්තමානයේ දඹුලු විහාරයේ භාරකාරත්වය දරන ස්‌වාමීන් වහන්සේලා අයත් උයන්වත්ත රජමහා විහාරයත්උයන්වත්ත පුරාණ විහාරයත්නිකවැව පරපුරට අයිති පන්සල්ය. කෙසේ හෝ දඹුල්ලේ අයිතිය නිසා අද මේ පන්සල් කිහිපය අතර ඇත්තේ ද විරසකයකි. එම විරසකයද මෙබඳු අර්බුදකාරී අවස්‌ථාවල කැපී පෙනෙන බව කිව යුතුව පවතී. 

අස්‌ගිරි මහා සංඝ පාර්ශ්වයට දඹුලු විහාරයේ යතුරු කැරැල්ල හා භාරකාරත්වය හිමිවීමේ කතාවද වත්මන් විහාරාධිකාරි නිකවෙල පරපුරේ හිමිවරුන්ට විහාරාධිපතිත්වය හිමිවූ ආකාරය ද වෙනම කතාකළ යුතු රසවත් කතාය. එය අපි පසුව කතාබහ කරමු.

දඹුලු විහාරයේ වර්තමාන භාරකාරත්වය සටන් වදිනුයේ අතීතයේ රජු විසින් පන්සලට පවරාදුන් ඉඩකඩම් වල හිමිකාරත්වය නැවත පන්සලට ගන්නටය. පන්සලට යටත් දැන් තිබෙන පූජා භූමිය තව තවත් ලොකු කර ගන්නටය.

පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය විසින් අද පූජා භූමියක්‌ ලෙස නම්කර ඇත්තේ දඹුලු විහාරය පිහිටි මුළු දඹුලු ගලම ආවරණය වන ප්‍රදේශයකි. ඒ සීමාව මාතලේ පාරේ ඉඳිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම පාර බෙදෙන හන්දිය දක්‌වා පැමිණ පාරෙන් අනිත් පැත්තට පැන ගල වටේ කැරකෙයි. දඹුලු විහාරයේ විහාරාධිකාරිත්වය ඉල්ලා සිටින්නේ මෙම සීමාව කණ්‌ඩලම හන්දියෙන් නොනැවතී තවදුරටත් දඹුල්ල දෙසට තානායම හන්දිය දක්‌වාම දික්‌කර දෙන ලෙසය.

පූජා භූමියට ඉහත කී මුස්‌ලිම් පල්ලිය අයත් භූමි භාගය අයත් වන්නේ එසේ කණ්‌ඩලම හන්දියේ සිට තානායම් හන්දිය දක්‌වාම පූජා භූමිය දික්‌කළහොත් පමණි. එය එසේ වුවහොත් ව්‍යාපාරික ස්‌ථාන 37 ක්‌ සහිත පවුල් 79 කට අයත් ඉඩකඩම් හා ගෙවල් දොරවල් සියල්ල කඩා ඉවත් කළ යුතුව ඇත්තේ ඉහත කී මුස්‌ලිම් පල්ලිය ද සමගය.

මම ප්‍රශ්නයට තුඩු දී ඇති පල්ලිය වෙතද ගියෙමි. එය කඩ දෙකක්‌ මැදින් වූ අඩි 3ක පමණ ඉඩකින් ඇතුළට රිංගා ගිය විට හමුවන හිස්‌ ඉඩමක තැනූ ටකරන් මඩුවකි. එහි සිටියේ ජව්µර්දින් නම් මවුලවි තුමෙකි. ඔහු පැමිණ ඇත්තේ මීට මාස 3 කට ඉහතදී බැවින් මේ කිසි විස්‌තරයක්‌ දැන සිටියේ නැත. ඔහු කී එකම දෙය වනුයේ සිකුරාදා දහවල් පල්ලියේ දේව යාදින්න සඳහා දැන් මුස්‌ලිම් බැතිමතුන් 1200 ක්‌ පමණ පිරිසක්‌ සහභාගි වන බවය. ඉන් මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇත්තේ ටික දෙනෙක්‌ බව කී ඔහු වැඩි දෙනෙක්‌ ආර්ථික මධ්‍යස්‌ථානයට එන මඩකලපුවඅම්පාරත්‍රිකුණාමලයකන්තලේ ප්‍රදේශවලින් එන වෙළෙන්දෝ බවද කීවේය.
අපට පොලිස්‌ ආරක්‌ෂාවේ කරදර වලින් බැහැරව එම පල්ලිය ඇතුලටම රැගෙන ගියේ දඹුල්ල මහ නගර සභාවේ මන්ත්‍රී වරයකු වන එච්. එම්. රූපසිංහ මහතාය. ඔහු අපට මෙසේ විස්‌තර කළේ පල්ලියේ අතීතය පිළිබඳවය.

මේක අපි අතීත කාලේ ඉදලම තියන පල්ලියක්‌. පල්ලියක්‌ කිව්වට විශාල ගොඩනැඟිලි ගහලා දවසට තුන්හතර පාරක්‌ කෑ ගහලා ආගම කියවලා ලවුඩ්ස්‌ පීකර් දාල ලොකුවට කරන වැඩක්‌ නොවෙයි. බොහොම අහිංසක විදියටයි මේ මිනිස්‌සු මේ වැඩේ කරගෙන ගියේ. අපි මේ ගමේ හරි සුහදව හිටියා... උඹ නොදකින් කියා ගන්නේ නැහැ. මේ මිනිස්‌සු පන්සලටත් උදව් කරනවා. හාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා.

කොහෙන්ද පන්සලට අයිති රාජකාරි ගමක මුස්‌ලිම් අයට ඉඩකඩම් මීට අවුරුදු100 කට විතර කලින් සිංහල අය මුස්‌ලිම් අයට ඉඩම් විකුණලා. ඒ අනුව 1982 දී පූජා භූමිය සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කරගන්නකොටත් පාදෙනියට අයිති මේ කොටසේ ගැසට්‌ වෙලා තිබුණෙ මුස්‌ලිම්වරුන් 8 දෙදෙනකුගේ නම් පවුල් 8ක්‌ හිටියා. ඉතින් ඒ මිනිස්‌සු ළඟ ඔප්පු තිරප්පු තියෙනවා. අපිට ඒ මිනිස්‌සු එළවන්න බෑ.

මේ උද්ඝෝෂණ වලට හුඟදෙනෙක්‌ ආවේ පිටින්. හුඟදෙනෙක්‌ දඹුල්ලේ අය නොවෙයි. ඒ අය මෙතන හැවිරිදි තත්ත්වය දන්නේ නැතිව ඇවිත් හාමුදුරුවරු එක්‌ක එකතු වෙලා මුස්‌ලිම් අයට තාඩන පීඩන කළේ ඇයි දෙයියනේ රාවය ගියේ දඹුල්ල පුදබිමේ මුස්‌ලිම් පල්ලියක්‌ අලුතෙන් හදලා කියලනේ.
රූපසිංහ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසුව අපට හමුවුණේ සෙයියද් යාසින් මොහොමඩ් අඡ්ජුවාන් නම් මුස්‌ලිම් බැතිමතෙකි.

මේවා ලොකු දේවල් නොවෙයි මහත්තයො නියපොත්තෙන් කඩලා විසද ගන්න තිබුණ ප්‍රශ්න. අපි මෙතන මුස්‌ලිම් පවුල් කිහිපයක්‌ ජීවත් වෙන්නේ අද ඊයේ ඉදල නොවෙයි. අපේ තාත්තගේ තාත්තා එයාගේ තාත්තා ඉදල තියෙන්නේ මෙතන. අනිත් අතට අපේ ආගමෙන් නිසයි දෙයක්‌ නේ සිකුරාදාට ආගම අදහන එක. අපිට එදා ඉදල ඒකට පිට තැනක්‌ තිබුණේ නැහැ. මේ දඹුල්ලේ. එක්‌කෝ ගලේවෙලට යන්න ඕන නැත්නම් කැකිරාවට යන්න ඕන. එහෙම නැත්නම් කන්තලේ දක්‌වා යන්න ඕන මුස්‌ලිම් පල්ලියක්‌ හොයන්න. ඒ හැම තැනම හරි දුරයි.

අන්තිමේ ඉස්‌සර ඉදලා අපේ අය කරලා තියෙන්නේ මෙතන පුංචි කාමරයක සිකුරාදාට එකතු වෙලා දෙවියෝ අදහපු එක. ඊට පස්‌සේ දිගටම ඕක සිදුවුණා. මේ මෑතක තමයි ආර්ථික මධ්‍යස්‌ථානයට එන මුස්‌ලිම් මුදලාලිලා නිසා සෙනඟ වැඩිවුණේ. එනිසා තමයි මෙතන ටිකක්‌ ලොකු කරලා ටකරන් වලින් ශාලාවක්‌ හැදුවේ. මේක අපි හැදුවේත් තාවකාලික ඕනෑම වෙලාවක ගලවගෙන යන්න බලාගෙන.

ඇයි ඉතින් පාරට නොපෙනෙන අස්‌සේ තැනක මේක හදාගත්තේ.. හංගලා වගේ

හංගලා නොවෙයි දෙයියනේ. මේ රූපේ මන්ත්‍රිතුමාලාමේ පැත්තේ සිංහල අය කණ්‌ඩලම හන්දියේ අය මේක දන්නවා. හාමුදුරුවොත් දන්නවා. ඒත් ඉතින් මේ ඊයේ පෙරේදා හාමුදුරුවන්ට ඇස්‌ ඇරිලා තියෙන්නේ.

මහත්තයෝ..... මේ කරපු වැඩේනේ වැරදි. පූජා භූමියට රජයෙන් මේ ඉඩම අයිති කරල නම් අපි මොනවා කරන්නදඅපිට ග්‍රාම සේවක ඇවිත් කියල වන්දියක්‌ දීල රාජකාරි කටයුතු කළා නම් අපි යනවා. ඔප්පු අවුරුදු 100 ක්‌ පරණයි කිය කිය අපි ඉන්නේ නැහැ. නමුත් එහෙම කිසි දෙයක්‌ නොකර හාමුදුරුවොත් එක්‌ක පිටින් මිනිස්‌සු ඇවිල්ලා යුද්දෙකට වගේ. කුණුහරුප කියාගෙන ඇවිත් අපේ පල්ලියේ දොර කඩලා බලෙන් ඇතුල් වෙලා කරපු විගඩම මොකක්‌දබලන්න මහත්තයා මේ සී ඩී එක. එකෙ තියෙනවා පොලු අරන් කුණු හරුප කියාගෙන එන හැටි. අපි ඔක්‌කොම ටේප් කළා. බලන්න අපේ හාමුදුරුවරු උනත් කතා කරන විදිහ. එහෙම හාමුදුරුවෝ කතා කරන එක හරිදතව කියනවා මෙතනින් ආරම්භ කරලා ලංකාවෙම මුස්‌ලිම් පල්ලි කඩනවා කියලා එහෙම කියන එක හොඳ නෑ නේද?
අඡ්පුවාන් එසේ අසන විට බෞද්ධාගමිකයකු ලෙස මටද කට උත්තර නැති වුණේ ඔහු ලබාදුන් සී. ඩී. පටයේ ඒ සියල්ල සටහන් වී ඇති නිසාය. ආවේගය කොයි තරම් නරකද කියා මට සිතුනේ එවිටය.
මේ ප්‍රශ්නය ගැන අපි පොතුහැර පාර්ශ්වයේ ස්‌වාමීන් වහන්සේ නමකගෙන්ද අදහස්‌ විමසා සිටියෙමු. උන්වහන්සේ මේ ගැන වැඩිපුර කතා කළේ නැතත් මේ විහාරාම වල ඉතිහාසය හොදින් විස්‌තර කළහ. දඹුල රජ මහා විහාරයේ වතුර බින්දුව වැටෙන ප්‍රධාන ලෙන් විහාරය වන මහරාජ විහාරයේ යතුර හා අයිතිය තවම ඇත්තේ තමන් වහන්සේලාගේ පොතුහැර පාර්ශ්වයට බවත් තමන් වහන්සේලා වැඩ වාසය කරන්නේ අතීතයේ ගොංගාලගොඩ බණ්‌ඩාට මාතලේ කැරැල්ලට ඔටුනු පළදවා අභිෂේක කරවූ මැද පන්සලේ බවත් කියා සිටියහ.
ඇතාබැඳිවැව උපාලි හිමි

      මම හිතන්නේ මේ ප්‍රශ්නය විසදගන්න අපේ කවුරු කවුරුත් මීට වඩා ඉවසලා බුද්ධිමත්ව කටයුතු කළා නම් තමයි වැඩිය හොඳ. වැඩි තණ්‌හාව විනාශයට මුල කියනවානේ. එහෙම යන්න හොඳ නැහැ. පූජා භූමියට අයිති ඉඩම් බලහත්කාරයෙන් කාටවත් ගන්න බැහැනේ. අපටත් බැහැ. මුස්‌ලිම් අයටත් බැහැ. විසදුම කියන තැන පෙනී පෙනී අපේ අය වැරදි පාරක ගිහින් කියලයි මම නම් හිතන්නේ. උපාලි හිමියෝ එසේ පවසා සිටියාය.

කෙසේ වෙතත් මේ සියල්ලෙන් එක්‌දෙයක්‌ පැහැදිලිය. මුස්‌ලිම් වරුන්ගේ ව්‍යාප්තවාදය ගැන අපට රට හැම තැනම ප්‍රශ්න තිබේ. එහෙත් ඒ ප්‍රශ්න මෙතනට පටලවාගත යුතු නැත. මෙතන ප්‍රශ්න විසදා ගතයුත්තේ මෙතන පරිසරයේ සාධක අනුවය. ඒ සඳහා අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව ප්‍රශ්නය වටහා ගැනීමය. සිහිනුවනින් කටයුතු කිරීමය. අපේ අය සිතා හෝ නොසිතා අමතක කරදමා ඇත්තේද එයයි.

බුලිත ප්‍රදීප් කුමාර