Tuesday 4 September 2012

සියලු දෙනාටම ඉල්ලං කන්නට සිදුවෙනු ඇත


යුද්ධය අවසන් වීමෙන් පසු තමිල් නාඩු රජය විටින් විට ශ්‍රීලංකාවට
සද්දෙ දාන්න පටන් ගෙන ඇත.සද්දෙ උත්සන්න වීම නිසා තමිල්
නාඩුවෙහි සංචාරය කිරීමෙන් වලකින ලෙස තම පුරවැසියන්ට අවවාද කිරීමට ශ්‍රීලංකා රජයට සිදුවිය.
ජිනීවා ප්‍රශ්නයෙහිද ඉන්දියාවෙන් කිසිම බකප් එකක්
ශ්‍රීලංකාවට නොලැබුනු අතර බටහිර රටවල්ද බලා සිටින්නේ
ශ්‍රීලංකාවට තොන්ඩුව දමන්න අවස්ථාව උදාවෙනතුරුය.
මෙයට ප්‍රධානතම හේතුව ලොවපුරා විසිර සිටින ඉන්දියානු හා
ශ්‍රීලාංකික ද්‍රවිඩයින්ගේ බලපෑම් බව කවුරුත් දන්නා කරුණකි.
මෙම තත්වය මනාව තේරුම් ගත් ජනාධිපතිවරයා හා රජය මැදපෙරදිග ඇතුලු අනෙකුත් මුස්ලිම් රාජ්‍යයන් සමග සමීප මිත්‍රත්වයක්
ගොඩනගාගෙන ඇත.මන්ද මුස්ලිම් රාජ්‍යයන් කිසිවිටකත් LTTE
සංවිධානයට සහයෝගය නොදැක්වු බැවිනුත් තමනට ඇති එකම
රැකවරණය මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගය බැවිනුත්ය.
කෙසේවෙතත් මෙම තත්වය ලංකාවේ වෙසෙන ජාතිවාදී බෞද්ධයන්
සහ ජාතිවාදී සංඝයින් මනාව තේරුම් ගෙන නැති බව ඔවුන්ගේ
මුස්ලිම් විරෝදී ක්‍රියාවන්ගෙන් පිළිඹුබු වෙයි.
මුස්ලිම් වරුන්ට  විරුද්ධව නැග එන ජාතිවාදී රුල්ල රජය විසින්
මර්දනය නොකළහොත් මුස්ලිම් රාජ්‍යයන්ගේ සහයෝගයද ලංකාවට
නොලැබී යනු ඇත.ජාතීවාදී සුළු පිරිසක් නිසා සමස්ත ශ්‍රීලංකාවාසි
සියලු දෙනාටම ඉල්ලං කන්නට සිදුවෙනු ඇත

No comments:

Post a Comment