Tuesday 17 July 2012

පෝලිමට හිටවලා තට්ටෙ තාර ගානවා


"අනවශ්‍ය ප්‍රශ්න ඇතිකළොත් ගෝල්ෆේස් එකේ පෝලිමට හිටවලා
තට්ටෙ තාර ගානවා" සංඝෙලට මෙහෙම කිව්වේ හිටපු අග්‍රාමාත්‍ය
ජෝන් කොතලාවල.මුං කරන වැඩවලට තට්ටෙ විතරක් නෙවෙයි
ඇට දෙකෙත් තාර ගාන්න ඕන.
තුංගසිරි අල්ලගෙන පච ලොරියක් විතර ගොතලා ආගම් භේද 
අවුස්සලා රට ගිනි තියන්න බොදු බල සේනා කියන පොන්න සංඝ සංවිධානය නීච උත්සාහයක යෙදුනා.විදේශ සේවා කාර්යාංශයට
පින් සිදුවන්න සත්‍යය රටට හෙලිවුනා.තුංගසිරි අත් අඩංගුවට ගනු ලැබුවේ බුදුන් වැන්ද නිසා නොව ගැහැණු හුටපටයකට බව..
පිනට ගිලින මේ සංඝයෝ එදත් අදත් හෙටත් කරන්නෙ රට විනාශ මුඛය කරා රැගෙන යන එක
මට මතකයි 1989 JR ජයවර්ධන හා රජීව් ගාන්ධි ඉන්දු ලංකා
ගිවිසිම අත්සන් කළ දිනය.....
සංඝයෝ සහ සිරිමාවෝ ඇතුලු විපක්ෂය මුළු රටම විනාශ කළා
මහජන දේපල සියල්ල,සමුපකාර දුම්රිය ස්ථාන බස්නැවතුම් පලවල් කච්චේරි තැපැල් කාර්යාල දුම්රිය බස්රථ සියළු මහජන දේපල
මේ සංඝෙලා විසින් විනාශ කරනු ලැබුවා.
JR රට ඉන්දියාවට පාවා දුන්නා.සංඝෙල සහ විපක්ෂය JRට 
එල්ල කල චෝදනාව එයයි.
ඇත්තටම මේ මෝඩ හතර කේන්දරේ පාලු වුන අපත සංඝ සෙට්
එක දැන ගෙන හිටියෙ නැහැ ඉන්දු ලංකා ගිවිසුමේ වාක්‍යයක
තේරුමවත්.මුං කළේ බල ලෝභීන්ට ඉත්තන් වීම පමණයි.
මුං සිරිමාවෝ ගේ ලණු කාලා මුළු රටම ගිනිබත් කළා.සංඝයෝ
හැසිරුනෙ වනාතෙ IRC කාරයෝ වගේ.මගේ සීයා එදා තීරණය
කලා ගමේ පන්සලට යවන දාන වේල නවත්වන්න.ඔහුගේ හත්
දවසේ තුන් මාසේ දානෙට කිව්වෙ ගිහි පිරිත්.....

ජෝන් කොතලාවල කිව්ව වගේ මුංව ගෝල්ෆේස් එකේ පෝලිමට හිටවලා තට්ටෙ විතරක් නෙවෙයි ඇට දෙකෙත් තාර ගාන්න ඕන.

1 comment:

  1. http://www.facebook.com/pages/Wiki-Wickramarathna/136428348724

    salams! this is ranga jayawardanas real profile

    hese name is Wiki-Wickramarathna

    ReplyDelete