Monday 10 September 2012

මුස්ලිම්වරුන් ශ්‍රී ලංකාවේ  ජනකොටසක් නොවේද?


anver manathunge වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී

අද සමහර ආගම්බේධවාදීන්ගේ මතය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් වරුන් මෙරටට අයිති නැති බවත් ඔවුන් ඔවුන්ගේ මුල් ප්‍රදේශ වන අරාබියට නැවත යායුතු බවත්ය. මේ නිසා මට වත්මන් ලාංකීය මුස්ලිම් වරුන් ලංකාවට සම්බන්ධ වුයේ කෙසේද? යන්න පිළිබඳව මඳක් සොයන්නට සිතුණි.


අරාබි වෙලෙදුන් මෙරට පැමිණි ආකාරය දැක්වෙන සිතුවමක්
අරාබි වෙලෙදුන් මෙරට පැමිණි ආකාරය දැක්වෙන සිතුවමක්
අප කවුරුත් දන්නා පරිදි ලංකාවේ මුස්ලිම් වරුන් ඇති වීමට මුලික ප්‍රභවයන් රැසක් දායක වී ඇත. ඒවා නම් ලංකාවට පැමිණි අරාබි වෙලඳුන්, මලබාර වෙලඳුන් සහ ජාවකයන්ය. මෙයින් අරාබි වෙලඳුන් සමග ලංකාවෙහි තිබුණු සබඳතාවය පුර්ව ඉස්ලාමීය යුගය දක්වා ඈතට විහිදී ඇත. ලංකාවේ රජකළ පන්ඩුකාභය රජතුමාගේ කාලයේ ඉතිහාසය ගවේෂනය කරන අපට ඒ ගැන සාධකයක් හමුවෙයි. එනම් පන්ඩුකාභය රජු (ක්‍රි.පු. 377-307) තම අගනුවර වු අනුරාධපුරයෙහි යම් යම් ඉඩම්, අගනුවරට පැමිණි පුර්ව ඉස්ලාමීය යුගයේ අරාබි වෙලෙඳුන් වු යෝනකයන් (මහාවංශය, X, පි.90) සඳහා වෙන් කළ බවයි. තවද අනුරාධපුර යුගයේ අගනුවර තුල යවන (යොනුන් වාසය කළ) වීදි  පවා තිබුණු බව ඉතිහාසයේ සඳහන් වේ.

ඉතිහාසය මේ කියන දෙය ඇත්තක් නම් ලංකාවට පැමිණි විජය කුමාරයා සහ පිරිස මෙරටට ආ යුග‍යට පෙර හෝ ඊට පසු කාලයේ සිට අරාබි වරුන් මෙරටට පැමිණ මෙරට සමග ගණුදෙනු කරන්නට ඇත.

එමෙන්ම ලංකාවට පැමිණි අරාබි ජාතිකයන් ‍දේශීය මෙරට කාන්තාවන් සමග විවාහ වීම නිසා අරාබි සිංහල මිශ්‍ර දේහ ලක්ෂන වලින් හෙබි සමාජයක් බිහිවන්නට ඇත. මෙම ‍යෝනක සමාජයේ සිටි සමහර ස්ත්‍රීන් සිංහල රජ වරුන්ගේ ආකර්ශනයට පාත්‍ර වුවා පමණක් නොව ඇතැම් සංදේශ කාව්‍යයන් කළ කවීන්ගේ වර්ණනාවට පවා පාත්‍ර විය. පහලොස් වන ශත වර්ෂයේ සාහිත්‍ය කෘතිවු සංදේශ කාව්‍ය වල (කෝකිල සංදේශ වර්ණනාව, ඩබ්.එෆ්. ගුණවර්ධන, 74 වන කවිය සහ ගිරා සංදේශ විවරණය, මුණිදාස කුමාරතුංග, 104 වන කවිය) යොන් ලියන් හෙවත් මෙම අරාබි මිශ්‍ර යෝනක කාන්තාවන් ගැන සඳහන් වේ. මේ නිසා අරාබි වරුන් මෙරට සමග ගණුදෙනු කළේ අද ඊයෙක නොවන බව සහ ඔවුන් විසින් මෙරට ජනාවාස කරගත්තේද අද ඊයෙක නොවන බව පැහැදිලිය. 

ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ මුතුන් මිත්තන් නව වන ශතවර්ෂයේ දී කායල්පට්නම්හි මුල් ජනාවාස පිහිටුවාගත් අතර ඉන් අවුරුදු ගණනාවකට පසුව 1024 දී ඒ නගරයෙන් පැමිණි පිරිසක් බේරුවල ජනාවාසයක් පිහිටුවා ගත්තේය, යන මතය කාසිචෙට්ටි විසින් සඳහන් කරන ලදී. (Casie Chetty, The Ceylon Gazeteer)

තමා සිටි කාලයේ බේරුවල පදිංචිව සිටි ඉතාම පැරණි මුස්ලිම් පවුල් වලින් එකක් සතුව පැවති පුරාණ අරාබි ලේඛනයක්, 1926 දී ලියන ලද “සෝනහාර්” නම් වු සිය කෘතියෙහි ජේ.සී. වෑන් සැන්ඩන් උපුටා දක්වයි. එහි දැක්වෙන පරිදි, යේමනයෙහ් රජ පවුලකට අයත් පුතුන් දෙදෙනෙකු ක්‍රි.ව 604 දී ලංකාවට පැමිණ ඇත. ඉන් එක් තැනැත්තෙකු මන්නාරමට ගොඩ බැස අතර අනෙක් තැනැත්තා බේරුවල ගොඩබැස එහි පදිංචි වී ඇත. ඔහුගෙන් පැවතෙන්නන් බැව් කියා පෑ මුස්ලිම්වරු කිහිපදෙනෙක්ම බේරුවල සිටියහ. (J.C Van Sanden Sonahar, A Brief History of the Moors of Ceylon, Colombo, 1926,pp.117-118)

කෙසේ වුවද මගේ අදහස නම් ලොව නානාවිධ ස්ථාන වලින් මෙරටට ගොඩ බැසි මුස්ලිම් වෙලඳුන් ලක්දිව කාන්තාවන් සමග විවාහ වී මෙරට මුල් බසින්නට ඇත. එලෙස මෙරට මුල් බැසි ඔවුන් විවිධවු ජනවර්ග වලට අයත් අයවළුන් වුවද සිය දහම ලෙස ඉස්ලාම් බැතිමතුන් වුයෙන් මුස්ලිම් ලෙස හැඳින්වෙන්නට ඇත. මේ අය දහමේ නාමයෙන් එක්ව පසුව මුස්ලිම් නමින් ජනවර්ගයක් ලෙස බිහිව ඇති බවයි. 

4 comments:

  1. මම බෞද්ධයෙකි.ඔබ පැරණි පෝස්ට් සහ මෙම ලිපිය උවමනාවෙන් කියෙව්වෙමි.ඔබේ වෙබ් අඩවිය දැක ගැනීමට ලැබුනේ අහම්බෙනි.මෙම මාගේ කමෙන්ට් එක පලකරනු ඇතයි සිතමි.ඔබ මෙම ලිපිය කියවීමෙන් ,ඔබ සතුව ඉතිහාසය ගැන ඇති අවබෝධය ගැන සතුටුය.මමද ඉතිහාසය ගැන උනන්දුය.ඔබේ ලක් මුස්ලිම් ජනයාගේ ආරම්භය ගැන මම නොදත් කරුනු රැසක් දැන ගතිමි.නමුත් මම කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ.ඔබේ අනිත් පොස්ට් බොහෝ විට ද්වේෂයෙන් පිරී ඇත.බෞද්ධයින් කිසි විටෙක අනිත් ආගම් කෙරෙහි කෝප නොවේ.බෞද්ධ දර්ශනය පදනම්ව ඇත්තේ අවබෝධය මත මිස විශ්වාසය මත නොවේ.බුදුන් වහන්සේ වරක් පවසා ඇත්තේ 'මෙය මම කීවද නුවනින් තර්කානුකූලව විමසා බලා පිලිගන්න නැතහොත් අතහරින්න' කියාය.මෙතරම් නිදහස් ලෙස ආගමක් විවේචනය කිරීමට දුන් අවස්තාවක් මම දැක නැත.එවැන්නක් ඔබේ මුස්ලිම් ආගමේ ඇත්නම් මට සමාවන්න.ඒ මගේ නොදන්නා කමයි.

    ReplyDelete
  2. සමාවෙන්න බෞද්ධ ජාතිවාදි blog මගින් මුස්ලිම්වරුන්ට ඉතාමත්
    පහත්ලෙස අගෞරව කරන බැවින් එයට පිලිතුරු ලෙස අකමැත්තෙන්
    වුවද මෙය කරන්නට මට සිදුව තිබේ මම ජාතිවාදියෙකු නොවෙමි

    ReplyDelete
    Replies
    1. jaathiwaadaya nawaththanna ubala wage kollo one! keep it up bro!

      Delete