Monday 20 August 2012

facebook තියෙන්නේ සතුරන් ඇති කරගන්න නෙවෙයි



facebook තියෙන්නේ සතුරන් ඇති කරගන්න නෙවෙයි මිතුරන් ඇති කරගන්න.වඳුරට දැලිපිහිය ලැබුණ වගේ සම-හරක් බෞද්ධ 
ජාතිවාදීන් facebook තුලින් අන්ත පහත් විදියට අන්‍ය ආගමිකයිනට
ගරහනවා.ශෝචනීය තත්වය මේ ගොඩට සංඝයා වහන්සේලාත්
එක්වී සිටීමයි.ශ්‍රී ලංකාවේ ජීවත්වෙන සියලු දෙනා බෞද්ධ විය යුතු
නැහැ.ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බෞද්ධයින් සිටින්නේ 60%ක්
පමණයි.අනිත් 40% අබෞද්ධයින් මෙන්ම ශ්‍රීලංකාව සර්ව ආගමික
බහු වාර්ගික රටක්.මේ තත්වය සංඝයාවහන්සේලා ඇතුලු සියලු
බෞද්ධයින් වටහ ගතයුතුයි.
කරුණාකරල internet උපයෝගී කරගෙන බොරුගොතමින්
අන්‍යආගමිකයින්ට ගරහන එක නවත්වන්න.ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 40%(ලක්ෂ 90ක පමණ ජනතාවක්)ද ජිවත්විය යුත්තේ
ශ්‍රී ලංකාවේ මිස පිටරටක නොවේ මන්ද ඔබගේ මෙන්ම ඔවුන්ගේ
මාතෘභූමියද ශ්‍රී ලංකාව වන බැවිනි.ඔබ ඔවුන්ගේ ආගම් වලට 
ගැරහීමෙන් සිදුවන්නේ වෛරයක් ඇතිවීම විනා ඔවුන් ඔබ වෙතට
පැමිණීම නොවේ.
කරුණාකරලා අන්‍ය ආගම් විවේචනය කරන්න පෙර තම අනුගාමිකයින්
නිසි මගට ගන්න උත්සාහ කරන්න.අද ලංකාවේ පුතා මව දුෂණය කරන යුගයක්.පුතා විසින් පියා මරණ යුගයක්.සංඝයාවහන්සේලා දැරිවියන් දුෂණය කරන යුගයක්.බල්ලො බලල්ලු ගානට මිනීමරණ යුගයක්.මෙවා 80%ක් සිදුවන්නේබෞද්ධයින් අතින් හන්දියක් ගානේ Race by සහ තැබෑරුම්.උද්ඝෝෂණ කළයුත්තේ මේවට විරුද්ධව මිස දේවස්ථානවලට විරුද්ධව නොවේ.
තවද මෙහි වසන සුළු ජාතීන් වහලුන් නොවන අතර ඔවුන්
සංඝයාවහන්සේලාට අවනත වියයුතුද නොවේ.සියළු ජාතීන්ට 
අභිමානයෙන් ජීවත්විය හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික
කර ඇත.මේ යතාර්ථය වටහගෙන අන්‍ය ආගමිකයිනට ගැරහීම
නවත්වන්න.සියළුදෙනා ශ්‍රීලාංකිකයින් සේ සිතන්න.
මගේ මව උපතින් සිංහළ බෞදධ කාන්තාවක් බැවින් ඇයට
ඇහුම්කන් දි ඔබ සියළු දෙනාට තත්වය වටහා දී ඔබ සියළු දෙනා
ගෙන් ආයචනා කරන්න අදහස් කලෙමි.ඔබ ගේ පාර්ශවයෙන් වැදගත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි

ඉතාමත් පහත් ලෙස ජාතිවාදී අදහස් අන්තර්ජාලය තුල මතුවීම
ආරම්භ වුයේ සිංහළ අක්ෂර අන්තර් ජාලය තුල භාවිතය ආරම්භයත් සමගය.ඊට පෙර අන්තර්ජාලය තුල අදහස් හා විවේචන හුවමාරු වුයේ
බුද්ධිමත් පිරිසක් අතර ඉංග්‍රීසියෙනි.සිංහළ අක්ෂර ජාලයට අවතීර්ණ
වීමත් සමගම ගමේ ගොඩේ නුගත් හැම බයියම අන්තර්ජාලය භාවිතය
ආරම්භයත් සමගම සියළු දේ කණපිට පෙරලුණි ජාලයද ගොඩේ බයියන් මෙන් ජාතිවාදි විය
මින් ඉදිරියටත් ඔබලා අන්‍ය ආගමිකයින්ට ගරහන්නේ නම්
මගේ ප්‍රතිචාරය ඔබගේ දහම හා ඔබගේ වක්තෘවරයා කෙරෙහි
මිටත් වඩා දරුණු විය හැක.


ස්තුතියි

3 comments:

  1. oba muslim warayakuda? bauddayakuda? anya agamikayekda? yanna ma nodanimi.namuth muslim warayaku yai penee sitimin oba karana kriyawa waradi yai ,muslim warayaku lesa mata sithe..
    saba mulim warayaku nam thama kriyawan sadaha nabi thumawa adarshyata ganee...mohothak sithanna.nabi thumage kalayeth mewani apahasa upaha ematawa kiya nimakaranna bari tharamata thibuna...nabithuma ewata prathichara dakwuwe kohomada kiyana eka oba dannawanam mewani post,pages oba pawathwagena yanna.ballek apiwa hapa kawa kiyala api ballawa hapa kanne nane...mage menma boho muslim warunge adahasa nam mewani page nisa jathiwadaya thawath awilena bawai...e kese wethath owunge jathiwadee pages idiriye ..ewa daka daka niwatan se sitiya youthu yai mang nokiyami...ewani dewal walta erehi weemata krama thibe...ese nomathiwa oun karanna se ounge agamda apahasa karan eka nowe....

    ReplyDelete
  2. ඒ ඒ බනිස් ගෙඩියට, ඒ ඒ කෙසෙල් ගෙඩි !

    ReplyDelete
  3. ඔබ කරන දේ හරිද වැරදිද යන්න පහත ලින්ක් එක් කියවීමෙන් ඔබට තේරුම් ගත හැකිවේ යයි සිතමි.

    http://islaamaya.blogspot.com/2012/12/modern-abu-jahal.html

    ReplyDelete